04 July 2025

logo

ජනපති රනිල් , ඉන්දුනීසියානු ජනාධිපති සමඟ සාකච්ඡාවක



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දුනීසියානු ජනාධිපති ජොකෝ විඩෝඩෝ මහතා සමඟ බීජිං නුවරදී සාකච්ඡා පවත්වා තිබෙනවා. 

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, බීජිං හි පැවති ජාත්‍යන්තර සහයෝගීතාව සඳහා වන තුන්වන තීරය සහ මාර්ග සංසදයට සමගාමීව රාජ්‍ය නායකයින් සාකච්ඡා කළ බවයි. 
 
රනිල් වික්‍රමසිංහ මහතා සහ ජනාධිපති විඩෝඩෝ දෙරට අතර දේශපාලන, සංස්කෘතික සහ ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළා. 
 
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊයේ බීජිං නුවරට ගොඩ බැස්සා.
(colombotimes.lk)