ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක අද (11) පෙරවරුවේ ජර්මනියේ බර්ලින් හී බ්‍රැන්ඩන්බර්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ළඟා වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා පිළිගැනීමේ නිල උත්සවය ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeierගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ Bellevue Palaceහීදී පැවැත්වීමට නියමිත බවයි.
ඉන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක හා ජර්මානු ජනාධිපති Frank-Walter Steinmeier අතර නිල හමුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)