29 July 2025

logo

මාලදිවයින් ආයෝජකයන්ට ජනපතිගෙන් ආරාධනයක්



මාලදිවයින් ආයෝජකයන් හට සැමවිටම තම ආයෝජන සඳහා විශ්වාසදායක ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දෙස බැලිය හැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. 

ඒ මාලදිවයිනේ තෙදින රාජ්‍ය සංචාරයකට එක් වූ ජනාධිපති අනුර කුමාර දිසානායක දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. 

ආයෝජකයන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකාව දැනට සකස් කරමින් පවතින එකම වහළක් යටින් සියල්ල ඉටු කර ගැනීමේ යාන්ත්‍රනය සහ ආයෝජකයන් තවදුරටත් දිරි ගැන්වීම සඳහා ක්‍රියාත්මක වන මූල්‍ය හා මූල්‍ය නොවන දිරිගැන්වීම් යෝජනා ක්‍රම පිළිබඳව තමා මාලදිවයින් ජනාධිපතිවරයා දැනුවත් කළ බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා. 

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මාලදිවයිනේ ව්‍යාපාරිකයන් සඳහා ශ්‍රී ලංකාවේ විවිධ අංශවල ආයෝජනය කරන ලෙස තමන් ආරාධනා කරන බවයි. 

(colombotimes.lk)