ජනපති ගුරුවරුන්ට සැරවෙයි



පාසල් පැවැත්වෙන කාල සීමාව තුළ කුමන ආකාරයකින්වත් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියට බාධා කිරීමට නොහැකිවන පරිදි නව නීති ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

අරලියගහ මන්දිරයේ පැවති ගුරු පත්වීම් ප්‍රධානය කිරීමේ උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

ගුරු සේවයට ඇතුල් වීමෙන් පසු විනයක් ඇතිව වැඩ කරන ලෙසත්, විනය නොමැතිව අධ්‍යාපන සේවය ගෙන යා නොහැකි බවත් ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළා.

(colombotimes.lk)