පළාත් පාලන මැතිවරණයේ හම්බන්තොට, පොළොන්නරුව, වව්නියාව, මොණරාගල යන දිස්ත්‍රික්ක 4හි ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට අවසන් කර ඇති බව රාජ්‍ය මුද්‍රණාලය පවසනවා.
රජයේ මුද්‍රණාලයාධිපති ප්‍රදීප් පුෂ්ප කුමාර සඳහන් කළේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඡන්ද පත්‍රිකා දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයාට භාරදුන් බවයි.
එමෙන්ම දිස්ත්‍රික්ක 9ක තැපැල් ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ වන විට අවසන් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.
(colombotimes.lk)