11 May 2025


ලයිසන් කාඩ්පත් තෙවැනි පාර්ශවයක් හරහා දීමට සූදානමක්



මෙතෙක් ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ්පත්, තුන්වන පාර්ශවයක් මගින් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. 

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඊට අවශ්‍ය කැබිනට් අනුමැතිය ලබා ගැනීමට මේ වන විට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. 
 
රියදුරු බලපත්‍ර ලක්ෂ අට හමාරක්, තුන්වන පාර්ශවයක් මගින් මුද්‍රණය කර, බලපත්‍රලාභීන්ට නිකුත් කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. 
 
ලබා දීමට නොහැකි වූ රියදුරු බලපත්‍ර කාඩ්පත් පමණක් තුන්වන පාර්ශවය මගින් මාස 6 ක් හෝ 7 ක් තුළ ලබාදීමට සැලසුම්කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)