22 May 2026

logo

පන්ජාබ් පෙරමුණට - නවතම IPL ප්‍රසාද ලකුණු සටහන මෙන්න



2026 ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මේ වන විට තරග 41ක් පවත්වා තිබෙනවා.

ඒ අනුව මෙම තරග 41 අවසානයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමි කර ගැනීමට සමත් වී තිබෙන්නේ පන්ජාබ් කිංග්ස් කණ්ඩායම විසින්.

ඔවුන් මුහුණ තරග 8න තරග 6ක් ජයග්‍රහණය කරමින් ප්‍රසාද ලකුණු 13ක් සමඟ පෙරමුණ හිමි කරගෙන තිබෙනවා.

එමෙන්ම දෙවන ස්ථානය හිමි වී තිබෙන්නේ රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායමටයි.

අනතුරුව තෙවන ස්ථානය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම, සිව්වන ස්ථානය රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට, පස්වන ස්ථානය ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම සහ හයවන ස්ථානය චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට හිමි වී තිබෙනවා.

කෙසේ වෙතත් මේ වන වට මෙම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය හිමි වී තිබෙන්නේ ලක්නව් සුපර් ජයන්ස් කණ්ඩායමටයි.

ඔවුන් මේ වන විට තරග 8කට මුහුණ දී ඇති අතර ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ ඉන් තරග 2ක් පමණයි.

එමෙන්ම ලසිත් මාලිංග සහ මහේල ජයවර්ධන පුහුණුකාරීත්වය දරණ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට මේ වන විට මෙහි නවවන ස්ථානය හිමි වී තිබෙනවා.



(COLOMBOTIMES.LK)