යුදමය තත්ත්වය හේතුවෙන් වසා දමා තිබූ කටාර් රාජ්‍යයේ ගුවන් සීමාව, සීමිත පියාසැරි සඳහා පමණක් යළි විවෘත කිරීමට එරට සිවිල් ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ මගීන් ඉවත් කිරීමේ කටයුතු සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානා සඳහා පමණක් ගමන් කිරීමට ඉඩ ලබාදීමේ අරමුණින් මෙලෙස විවෘත කළ බවයි.
හඳුනාගත් විශේෂිත ගුවන් මාර්ග ඔස්සේ පමණක් මෙම පියාසැරි සිදු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
