11 May 2025


රතු මුහුදේදී පුද්ගලයෙකුට මෝර ප්‍රහාරයක් (VIDEO)



ජනප්‍රිය ඊජිප්තු නිවාඩු නිකේතනයක සිටි සංචාරකයින් පිරිසක් ඊයේ (9) දිනයේදී රතු මුහුදේ සිදුවන මෝර ප්‍රහාරයක් දැක තිබෙනවා.

මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ මුහුදු වෙරළේ සිට මීටර් 30ක් පමණ දුරින්. 
 
මෝර ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ 23 හැවිරිදි රුසියානු ජාතිකයෙක්. 
 
එම රුසියානු ජාතිකයා ජිවිතක්ෂයට පත්ව තිබෙන බව ඊජිප්තු බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා. 
 
මෙම ප්‍රදේශය තුළ 2018,2020,2022 වසරවලදී ද මෝර ප්‍රහාර සිදුව තිබෙන බව සදහන්. 
 
සිද්ධිය සිදුවීමෙන් පසු එම ප්‍රදේශය පිහිනුම් කටයුතු සදහා තහනම් කර තිබෙනවා.
(colombotimes.lk)