colombotimes.lk
සිංහල | English

06 May 2024

රනිල් මැණික් බලධාරීන්ට උපදෙස් ලබා දෙයි



මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රතිඅපනයන වැඩි දියුණු කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා

මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයා ගත හැකි බව ද ජනාධිපතිවරයා මෙහි දී අවධාරණය කර ඇති බව සඳහන්.

ඔහු මේ බව සඳහන් කර සිටියේ, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත මතු ව ඇති ගැටලු පිළිබඳ පසුගිය දා ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.

මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට බලපාන බදු මෙන්ම අපනයන හා ප්‍රතිඅපනයන ක්‍රියාවලිය පිළිබඳ මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වී තිබුණා.
(Colombotimes.lk)