2023 වසරේදී රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රී වික්‍රමසිංහ රජයේ මුදල් වැය කරමින් ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය පවසනවා.
ඒ විශේෂ නිවේදනයක් නිකුත් කරමින්.
එහි සඳහන් වන්නේ රනිල් වික්‍රමසිංහ 2023 වසරේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කර තිබෙන බවයි.
ඒ අනුව පළමුව 2023 මැයි 09වනදා 2වන චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීමට, 2වන සංචාරය පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (IDU) 40 වැනි සංවත්සර සැසි වාරය සඳහාත් තෙවන සංචාරය හවානා නුවර G77 සමුළුවට සහභාගී වී පසුව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවටද එක්වීමෙන් අනතුරුව ලන්ඩන් නගරයට පැමිණ තිබෙනවා.
මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිකුත් කළ නිවේදනය පහතින්,
(colombotimes.lk)