ඉන්දියාවේ ජායිපූර් රාජකීය එකතුවට අයත් වූ අතේ රැගෙන යා හැකි තාරකා විද්‍යාත්මක පරිගණකයක් ලෙස සැලකෙන සුවිශේෂී Astrolabe උපකරණයක් වෙන්දේසි කිරීමට නියමිතව තිබෙනවා.
එය එළඹෙන 29වනදා ලන්ඩනයේ Sotheby's වෙන්දේසි ආයතනයේදී වෙන්දේසි කිරීමට නියමිතයි.
පිත්තලවලින් නිමවා ඇති මෙම උපකරණය ලොව දැනට පවතින විශාලතම ඇස්ට්‍රොලේබ් උපකරණය විය හැකි බවත් එය මීට පෙර කිසිම දිනක ප්‍රදර්ශනය කර නොමැති බවත් Sotheby's ආයතනයේ ඉස්ලාමීය සහ ඉන්දියානු කලා අංශයේ ප්‍රධානී බෙනඩික්ට් කාටර් ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)
