colombotimes.lk
සිංහල | English

01 July 2024

මත්ද්‍රව්‍ය කිලෝ 1200ක් විනාශ කිරීමට සැරසෙයි



අධිකරණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 1,208කට අධික තොගයක් අද (29) විනාශ කිරීමට පියවර ගන්නා බව පොලිස් මූලස්ථානය පවසනවා.

එම මූලස්ථානයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ වනාතවිල්ලුව ලැක්ටොස් වත්තේ පිහිටි අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් මෙම විනාශ කිරීම් සිදුකරන බවයි.

මෙහිදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 614 ග්‍රෑම් 36ක්, හෙරොයින් කිලෝ ග්‍රෑම් 13යි ග්‍රෑම් 686ක් සහ කෙටමින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 581 ග්‍රෑම් 34ක් විනාශ කිරීමට නියමිතයි.
 
මෙම මත්ද්‍රව්‍ය තොගය අද උදෑසන මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් කොළඹ මහ අධිකරණයේදී භාර ගැනීමට නියමිත අතර පෙරවරු 9.30 වනාතවිල්දුව ලැක්ටොස් වත්තේ පිහිටි අධිබල මත්ද්‍රව්‍ය දහනය කිරීමේ උඳුන භාවිතයෙන් විනාශ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)