colombotimes.lk
සිංහල | English

03 July 2024

ජුනි මාසයේ උද්ධමනයට සිදු වූ දේ



කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුනි මාසයේදී උද්ධමනය ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මැයි මාසයේදී සියයට 0.9ක් වූ උද්ධමනය ජුනි මාසය වනවිට සියයට 1.7ක් දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකුව සඳහන් කළා.

ආහාර උද්ධමනය මැයි මාසයේදී සියයට 0ක් ලෙස පැවති අතර ජුනි මාසයේදී එය සියයට 1.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ අතර ආහාර නොවන උද්ධමනය මැයි මාසයේදී සියයට 1.3ක් ලෙස වාර්තා වූ අතර ජුනි මාසයේදී එය සියයට 1.8ක් දක්වා ඉහළ ගිය බව මහ බැංකුව නිවේදනය කළා.

(colombotimes.lk)