colombotimes.lk
සිංහල | English

03 July 2024

ප්‍රංශ ජනපති මැක්‍රොන්ගේ සන්ධානයේ බලය අඩු වෙයි



ප්‍රංශයේ පැවැත්වෙන මහ මැතිවරණයේ පළමු අදියරයේ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගේ සන්ධානයේ බලය අඩු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඔහුගේ සන්ධානය පළමු අදියරයේ දී තුන්වන ස්ථානයට පත්ව ඇති අතර 33%ක ඡන්ද ප්‍රතිඵලයක් ලබා ගනිමින් ආර්.එන්. පක්ෂය ඉදිරියෙන් පසුවනවා.

ජනපති මැක්‍රොන්ගේ සන්ධානයට හිමිව ඇත්තේ 20%ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි.

මහ මැතිවරණයේ දෙවන අදියර ලබන 7 වැනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)