colombotimes.lk
සිංහල | English

03 July 2024

තවත් ඉන්දීය ධීවරයින් පිරිසක් කොටුවෙයි



නීතිවිරෝධී ලෙස මෙරට මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ අද (01) අලුයම ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.
 
එහිදි ධීවර බෝට්ටු 04ක සිටි ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිත බව ද නාවික හමුදාව සඳහන් කළා.
(colombotimes.lk)