colombotimes.lk
සිංහල | English

03 July 2024

ඉන්දීය කණ්ඩායම බාබඩෝස්හි සිර වෙයි



2024 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට තවමත් සිය රටට ගමන් කිරීමට නොහැකිව බාබඩෝස්හි රැඳී සිටීමට සිදු වී තිබෙනවා.  

ඒ කැරිබියානු කලාපයට බලපා ඇති සුළි කුණාටු සහ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගුවන් ගමන් අත්හිටුවා තිබීම හේතුවෙන්.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තවත් පැය 36ත් 48ත් අතර කාලයක් බාබඩෝස්හි රැඳී සිටීමට සිදු වන බව වාර්තා වනවා.

(colombotimes.lk)