03 June 2025


ධීවර සහ නාවික ප්‍රජාවට කාලගුණයෙන් රතු එළි



සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 සිට 70 ක් පමණ දක්වා වැඩිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි. 
 
එසේම මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 3 ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණ නිවේදනයේ සදහන්.

(colombotimes.lk)