දිවයින හරහා නිරිතදිග මෝසම් සුළං ප්‍රවාහයේ වැඩිවීම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසක තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල සහ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 50-60ක පමණ තද සුළං ඇති විය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 30-40ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
මෙම නිවේදනය හෙට (29) පස්වරු 12.30 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර තිබෙනවා.
(colombotimes.lk)