03 June 2025


විශේෂ මදුරු මර්දන වැඩසටහන තුළින් පාසල් රැසකට රතු නිවේදන



පසුගියදා ක්‍රියාත්මක වූ විශේෂ මදුරු මර්දන වැඩසටහන තුළින් පාසල් 18ක් වෙත රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ විශේඥ වෛද්‍ය වෛද්‍ය අනෝජා ධීරසිංහ සඳහන් කළේ එම වැඩසටහන මඟින් පාසල් 257ක් පරීක්ෂාවට ලක්කළ බවයි.

එහිදී මදුරුවන් බෝවිය හැකි ස්ථාන ඇති පාසල් 131ක් සොයා ගත් බවත් මදුරු කීටයින් ඇති පාසල් 37ක් හඳුනාගත් බවත් ඇය වැඩිදුරත් සඳහන් කළා.

(colombotimes.lk)