බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින ආසන්නයේ පවතින අඩු පීඩන කලාපයේ බලපෑම හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇති විය හැකි බවයි.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 
(colombotimes.lk)
