මහ කන්නයේ වගාව සඳහා ජලය මුදා හැරීම ආරම්භ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
එහි ජල කළමනාකරණ අංශයේ අධ්යක්ෂ විමල් රත්නසිරි ලන්දෙකුඹුර ප්රකාශ කළේ මහ කන්නයේ අක්කර අට ලක්ෂ 200ක වගාව සිදු කිරීමට වාරි ජලය මුදා හරින බවයි.
වී වගාව ඇතුළු අතිරේක භෝග වගාව සඳහාද ජලය මුදා හරින බව ඔහු ප්රකාශ කළා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් මහා පරිමාණ ජලාශවල ජල මට්ටම මේ වන විට පවතින්නේ 60%ක් ලෙසයි.
මේ අතර මහවැලි කලාපවල අක්කර 247,500ක් වගා කිරීමට මෙවර මහ කන්නයේ ජලය මුදා හරින බව ශ්රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.
එහි ජල පාලන ලේකම් කාර්යාලයේ අධ්යක්ෂ නිලන්ත ධනපාල සඳහන් කළේ ඔක්තෝම්බර් මාසයේ අපේක්ෂිත වර්ෂාවෙන් මෙවර ලැබී ඇත්තේ 50%ක් පමණක් බවයි.
එවැනි තත්ත්වයක් යටතේ අරපිරිමැස්මෙන් ජලය භාවිතා කර වගා කටයුතුවල නිරත වන ලෙස ඔහු ගොවීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
(colombotimes.lk)