කොරියානුවන්ට සහනයක් - ලංකාවට ප්‍රීතියක්



ශ්‍රී ලංකාවේ සංචාරය කරන දකුණු කොරියානුවන් වෙත නිකුත් කර තිබූ සංචාරක සීමාවන් ලිහිල් කිරීමට දකුණු කොරියා රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරැ ඇඟවීම දෙවැනි මට්ටමේ සිට පළමුවන ස්ථානය දක්වා නම් කිරීමට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සඳහන්.

මෙම ලිහිල් කිරීම පෙරේදා (01) සිට බලපැවැත්වෙන අතර මෙරට පවතින නව ආරක්ෂක සහ සෞඛ්‍ය මට්ටම මත සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)