පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වියත්පුර නිවාස ව්‍යාපෘතියෙන් නිවාස මිලදී ගැනීමේදී දී ඇති සහන වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
2022-05-09 දින රට තුළ ඇති වූ කලබලකාරී තත්ත්වය මත නිවාස අහිමි වූ එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ඉදිකරන ලද වියත්පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ඒකක 101ක් කුලී පදනම මත එක් වසරක කාලයක් සඳහා ලබාදීමට 2022-07-04 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබාදී ඇති බව අදාළ කැබිනට් තීරණයේ සඳහන්.
ඉන් අනතුරුව එම නිවාස සහනදායී ක්‍රම වේදයක් යටතේ මිලදී ගැනීමට ඔවුන්ට අවස්ථාව ලබා දෙන ලෙස එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්,