වගා හානි සිදු කරන සතුන් සම්බන්ධයෙන් සිදු කළ සංගණනයේ වාර්තාව අද (28) ලැබීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ සංගණනයට අනුව එම සතුන් කළමනාකරණය කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.
කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් පළමුවරට ක්‍රියාත්මක කළ සත්ත්ව සංගණනය පසුගිය 15වනදා දිවයින පුරා පැවැත්වු අතර එහිදී රිලවා, වඳුරා, දඬුලේනා සහ මොණරා යන සතුන් සංගණනයට ලක් වුණා.
(colombotimes.lk)