colombotimes.lk
සිංහල | English

13 September 2024


රටවල් 12ක නියෝජිතයන් ජනපතිවරණය නිරීක්ෂණයට



ජනාධිපතිවරණ නිරීක්ෂණය සඳහා රටවල් 12ක නියෝජිතයන්ට ආරාධනා කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක සඳහන් කළේ ඉන්දියාව, නේපාලය, බංගලාදේශය, පාකිස්ථානය, මාලදිවයින යන රටවල නියෝජිතයින්ද ඒ අතර සිටින බවයි.

ජනාධිපතිවරණය නිරීක්ෂණය සඳහා යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂකයින් මේ වන විටත් දිවයිනට පැමිණ තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය මැතිවරණ නිරීක්ෂකයන් සහ ආසියානු මැතිවරණ නිරීක්ෂණ ජාලයේ නියෝජිතයන්ද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)