2024 වසරේ ජන හා නිවාස සංගණනයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
ඒ අනුව එම සංගණනයේදී ශ්‍රී ලංකාවේ ජනගහනය 21,763,170ක් ලෙස සටහන් වී ඇති බවයි වාර්තා වන්නේ.
2012 ජන හා නිවාස සංගණනයේ වාර්තා වූ මුළු ජනගහනයට වඩා මෙවර ජනගහනයේ 1,403,731ක වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් වැඩිම ජන සංඛ්‍යාවක් බස්නාහිර පළාතේ පදිංචිව සිටින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළා.
එය සමස්ථ ජන ජනගහනයෙන් 28.1%ක්.
(colombotimes.lk)