colombotimes.lk
සිංහල | English

23 April 2024

පිරිමියෙක් තවත් පිරිමියෙක්ට ආකර්ෂණය වන ඇත්තම හේතුව



සාමාන්‍යයෙන් පිරිමි පුද්ගලයින් අතර ඇති මිත්‍රත්වය ඉතාමත් දැඩි වගේම සංවේදී නොවන සම්බන්ධයක් ලෙසයි හැඳින්වෙන්නේ.

නමුත් මෑත කාලීනව ආදරය සම්බන්ධයෙන් කතා කිරීමේදී පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් අතර ඇතිවන ආදර සම්බන්ධය ලෝකයේ බොහෝ දෙනෙකු පිළිගන්නා දෙයක් බවට පත්ව තිබෙනවා.

එයට හේතුව ආදරය හැඟීම් මත පදනම්ව ඇතිවන දෙයක් වීමයි.

How straight millennials feel about

නමුත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි විශ්ව විද්‍යාලයේ සහ එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් විශ්ව විද්‍යාලයේ පරීක්ෂකයින් පිරිසක් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකර තිබෙනවා.

එහිදී ලොව පුරා සිටින බොහෝ දෙනෙක් තමන්ගේ සංස්කෘතික සම්මතයන් වෙනස් කිරීමට කටයුතු කිරීම මෙයට ප්‍රභල හේතුවක් වී ඇති බව අනාවරණය වුණා.

මීට අමතරව පිරිමි පුද්ගලයින් හට අධිකව තනිකම දැනීම මෙයට තවත් හේතුවක් වී තිබෙනවා.

Bromance Images – Browse 10,519 Stock Photos, Vectors, and Video | Adobe  Stock

එමෙන්ම පිරිමි පුද්ගලයෙකු තවත් පිරිමි පුද්ගලයෙකු කෙරෙහි දක්වන ආක්‍රමණශීලී බව, විහිළු කතා මෙන්ම ප්‍රචණ්ඩත්වය පවා ඔවුන්ගේ ආදරය ප්‍රකාශ කිරීමේ ඉඟියක් ලෙස සැලකිය හැකි බව එම පරීක්ෂකයින් පවසනවා.

මීට අමතරව පිරිමි පුද්ගලයෙකු තවත් පිරිමියෙකු හාස්‍යයට ලක් කිරීම, අපහාස කිරීම පවා දෙදෙනා අතර හැඟීමක් ඇති කිරීමට බලපෑමක් ඇතිකර තිබෙනවා.

10 Activities To Keep Your Bromance Alive | Thought Catalog

එයට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ පිරිමි පුද්ගලයින් අනෙක් පුද්ගලයින් සමඟ සම්බන්ධතා පැවැත්වීමේදී කාන්තාවන්ට වඩා කැපී පෙනෙන වෙනසක් දක්නට ලැබීමයි.

ඔවුන් මෙම නිගමනයට පැමිණ ඇත්තේ පසුගිය දශක දෙකක කාලයක් තිස්සේ පිරිමින් අතර ඇතිවූ බැඳීම් පිළිබඳව සමාලෝචනය කරන ලද දත්ත පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි.

(Vimarshana Samarakoon @ COLOMBO TIMES)