17 December 2025

logo

ජපානයෙන් මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක්



ශ්‍රී ලංකාව වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක ප්‍රදානයක් ලබාදීමට ජපාන රජය තීරණය කර තිබෙනවා. 

ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිත්සු මොටෙගි සඳහන් කළේ 'දිට්වා' සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් යළි රට යථා තත්ත්වයට ගොඩනැඟීම සඳහා මෙම ප්‍රදානය සිදු කරන බවයි.
 
මෙම ආධාරය ජාත්‍යන්තර සහනාධාර ආයතන හරහා මෙරට ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ සඳහා යොදා ගැනීමට නියමිතයි. 

දිගුකාලීන මිත්‍ර රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවට ඉක්මනින් යළි යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය සම්පූර්ණ සහාය ලබාදීම ජපානයේ අරමුණ බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන විදේශ අමාත්‍ය මොටෙගි සඳහන් කළා. 

(colombotimes.lk)