24 February 2026

logo

සුඩානයේ සාම සාධක හමුදා කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක්



සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා කඳවුරකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් බංගලාදේශ සෙබළුන් 06දෙනෙක් මියගොස් තවත් 08දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ සුඩානය තුළ ක්‍රියාත්මක ක්ෂණික සහාය බලකාය හෙවත් RSF කණ්ඩායම මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවට චෝදනා එල්ල වී ඇති බවයි.

මෙම ප්‍රහාරය හෙළා දකින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් පවසන්නේ එය යුධ අපරාධයක් වන බවයි.

(colombotimes.lk)