කිරී සම්බා සහල් වැඩි මිලට විකිණීම සහ ලංකා බාස්මති ලෙස ව්‍යාජ නමින් බිල්පත් නිකුත් කළ වෙළෙඳසැලකට නීතිමය පියවර ගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
මාතලේ නාලන්ද ප්‍රදේශයේ වෙළෙඳසැලකට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
එහිදී අදාළ වෙළෙඳසැලට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එහිදී අදාළ වෙළෙඳසැලට එරෙහිව නාවුල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවරූ නඩුවේදී වරද පිළිගැනීමෙන් අනතුරුව අදාළ ව්‍යාපාරිකයා වෙත රුපියල් 110,000ක දඩ මුදලක් පැනවීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
(colombotimes.lk)
