24 February 2026

logo

ට්‍රම්ප්ගෙන් BBCයට අපහාස නඩුවක්



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් BBC මාධ්‍ය ආයතනයට එරෙහිව ඩොලර් බිලියන 10ක වන්දි ඉල්ලා නඩුවක් ගොනුකර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ තමාට අපකීර්තියක්, සහ ද්වේශසහගත ලෙස ප්‍රවෘත්තියක් විකාශය කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් එම ආයතනයට එරෙහිව චෝදනා එල්ල කර තිබෙන බවයි. 

2021 වසරේ ජනවාරි මස 6වනදා ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ කතාවක් සම්පූර්ණයෙන් වෙනස් කර විකාශය කිරීම සම්බන්ධයෙන් පසුගියදා එහි විධායක නිලධාරියා සහ ප්‍රවෘත්ති අංශයේ ප්‍රධානියා ඉල්ලා අස් වී තිබෙනවා. 

(colombotimes.lk)