තායිලන්තය සහ කාම්බෝජය අතර පවතින යුදමය තත්ත්වය අද (13) සිට බලපැවැත්වෙන පරිදි අවසන් කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
Truth සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් ඇමරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ අද පස්වරුවේ සිට සියලුම වෙඩි තැබීම් නතර කිරීමට දෙපාර්ශවයම එකඟ වූ බවයි.
තායිලන්ත අගමැති සහ කාම්බෝජ අගමැති සමඟ පැවැත් වූ දුරකථන සංවාදවලින් පසු ඔවුන් ඊට එකඟ වී තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ දෙරට අතර පවතින මෙම යුදමය වාතාවරණය හේතුවෙන් මේ වන විට පුද්ගලයන් 20දෙනෙක් මියගොස් ලක්ෂ 5කට වැඩි පිරිසක් අවතැන් වී සිටින බවයි.
(colombotimes.lk)
