19 April 2025


රුපියල තවත් අවප්‍රමාණය වෙයි



ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව පසුගිය දිනවලට සාපේක්ෂව අද (09) ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 295.86ක් ලෙස සටහන් වුණා.

එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 304.42ක් ලෙසයි.

මෙම අගයන් ඊයේ (08) පිළිවෙළින් රුපියල් 293.44ක් ලෙස සහ රුපියල් 302.14ක් ලෙස සටහන් වුණා.

(colombotimes.lk)