රුසියාවේ - බෙල්ගොරොඩ් ප්‍රදේශයට යුක්රේනය විසින් එල්ල කළ ප්‍රහාරය පිටුපස ඇමෙරිකාව සිටින බවට රුසියාව විසින් චෝදනා කරනවා.
නමුත් ඇමරිකාව පවසන්නේ රුසියාව විසින් එල්ල කරන එම චෝදනා ප්‍රතික්ෂේප කරන බවයි.
පසුගියදා එල්ල වූ මෙම ප්‍රහාරයට යොදා ගත් ඇමෙරිකාවේ නිෂ්පාදනය කළ යුද රථ වල ඡායාරූප රුසියාව විසින් ප්‍රසිද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.
මෙම ප්‍රහාරයට කිසිදු අනුබලදීමක් තම පාර්ශවයෙන් සිදුනොවූ බවයි ඇමරිකාව වැඩිදුරටත් පවසන්නේ.
(colombotimes.lk)