රුසියාව අද (09) දින ජයග්‍රහණයේ දිනය සැමරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියට එරෙහිව සෝවියට් සංගමය ලැබූ ජයග්‍රහණය මෙහි දී සමරනු ලබන බව සඳහන්.
ඊට සමගාමීව ඊයේ (08) රාත්‍රියේ ද කියෙව් ඇතුළු යුක්‍රේනයේ නගර රැසකට රුසියානු මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙය දින 08ක් තුළ රුසියාව එල්ල කළ සිව්වන ප්‍රහාර මාලාව වනවා.
එම ප්‍රහාරය රුසියාව විසින් සිදුකළ විශාලතම ඩ්‍රෝන ප්‍රහාර මාලාව බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
ඉන්ධන ගබඩා සහ ආහාර ගබඩා ඉලක්ක කරමින් එම ප්‍රහාර එල්ලකර ඇති බව වාර්තා වනවා.
එමෙන්ම ප්‍රහාරවලින් පුද්ගලයින් 05 දෙනෙකු තුවාල ලබා ඇති බව ද කියෙව් නගරාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.
(colombotimes.lk)