සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය යන පක්ෂ දෙක මේ වන විට එක්වී හමාර බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ කොළඹ මාලිගාවත්ත පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණයේදී අද (01) පැවැති මැයි දින රැලියේදීයි.
එමෙන්ම සමගි ජන බලවේගයේ මැයි දින රැලිය සඳහා හිටපු ජනාධිපතිවරයා විසින් සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇති බවත් ඒ සඳහා තමන් සිය ස්තූතිය පළ කරන බවද ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළා.
(colombotimes.lk)
