02 January 2026

logo

සජබයේ කොළඹ පුරපති අපේක්ෂක නම් කරයි



සමගි ජන බලවේගයේ කොළඹ මහ නගර සභාවේ පුරපති අපේක්ෂකත්වයට ආචාර්ය වෛද්‍ය රුවේස් හනීෆා පත්කර තිබෙනවා.

ඔහුව පත්කිරීම සම්බන්ධයෙන් එම පක්ෂය සඳහන් කළේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ ජීවත් වන සැමගේ බලාපොරොත්තුව දියුණු නගරයක් නිර්මාණය කිරීම බවයි.

ඒ ගමන උදෙසා රුවේස් හනීෆාව ඉදිරිපත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

හනීෆා පොදුජනවාදී වෘත්තිකයෙක් බවත් දක්ෂතාව නිපුණතාව හැකියාව තිබෙන උගතෙක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

(colombotimes.lk)