02 July 2025

logo

SL Vs WI - T20 | පළමු තරගයෙන් සිංහයන්ට කඩුලු 5ක පරාජයක්



කොදෙව් - ශ්‍රී ලංකා T20 තරගාවලියේ පැවති පළමු තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් පරාජයට පත් වුණා.

රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා.

ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 179ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නායක චරිත් අසලංක ලකුණු 59ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 51ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 19යි එක් පන්දුවකදී ජයග්‍රාහී ඉලක්කය පසු කිරීමට සමත් වුණා.

ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත T20 තරගාවලිය තරග 1-0ක් ලෙස කොදෙව්වන් පෙරමුණේ රැඳී  සිටිනවා.

මෙම තරගාවලියේ දෙවන තරගය හෙට (15) පැවත්වීමට නියමිතයි.

(colombotimes.lk)