08 September 2025

logo

SL Vs ZIM | තීරණාත්මක අවසන් තරගය අදයි



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර අවසන් T20 තරගය අද (07) පැවැත්වෙනවා.

ඒ සිම්බාබ්වේ හරාරේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 5.00ට ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා කණ්ඩායමට මෙන්ම සිම්බාබ්වේ කණ්ඩායමටද තීරණාත්මක වී තිබෙනවා.

ඒ තරගාවලියේ පැවැති තරග 2 තරග 1 බැගින් කණ්ඩායම් දෙකම ජයග්‍රහණය කිරීම හෙතුවෙන්.

ඒ අනුව අද තරගය ජයග්‍රහණය කරන කණ්ඩායමට මෙම තරගාවලියේ ජය හිමි වනවා.

මෙහි පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කින් ජයග්‍රහණය කළා.

කෙසේ වෙතත් ඊයේ පැවැති දෙවන තරගය දරුණු ලෙස කඩුලු 5ක් පරාජයට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිවු වුණා.

එම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔවුන්ට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 80ක් පමණයි.

T20 ක්‍රිකට් ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායම රැස් කළ දෙවන අඩුම ලකුණු සංඛයාව ලෙස මෙය වාර්තා අතරට එක්වුණා.

(colombotimes.lk)