04 July 2025

logo

සරත් ෆොන්සේකා කාරක සභාවකින් ඉවත්වෙයි



ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වී තිබෙනවා. 

නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා එම ඉල්ලා අස්වීම පිළිබඳව අද (9) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. 
 
ඒ අනුව පුරප්පාඩු වූ එම කාරක සභා සාමාජිකත්වයට පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාව පත්කළ බව ද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළා.
(colombotimes.lk)