ලංකා සතොස ආයතනය මඟින් අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබෙනවා.
සතොස මඟින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ දිවයින පුරා සතොස අලෙවිසැල් මඟින් මෙම භාණ්ඩ පාරිභෝගිකයන්ට අද (04) ලබා ගත හැකි බවයි.
ඒ අනුව දුඹුරු සීනි කිලෝවක මිල රුපියල් 277 සිට 255 දක්වා රුපියල් 22කින් පහළ දමා තිබෙනවා.
එමෙන්ම රතු පරිප්පු 1kg මිල 280ක් වූ අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 265ක් ලෙසයි.
(colombotimes.lk)