12 December 2024


ශිෂ්‍යත්ව විභාගයට අදාළ පෙත්සම් විභාගය කල්යයි



මෑතකදී අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් පිටවීම හේතුවෙන් යළි විභාගය පවත්වන ලෙසට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්වලට අදාළ විභාගය මේ මස 16 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියම කළා.

ඒ මෙම පෙත්සම් එස්. තුරෙයි රාජා සහ ශිරාන් ගුණරත්න යන පුද්ගලයන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් පෙත්සම් විභාගය ලබන 16 වනදා දක්වා කල් තබන බවට නියෝග කර තිබෙනවා.

(colombotimes.lk)