colombotimes.lk
සිංහල | English

26 April 2024

පාසල් රග්බි වසන්තය ඇරඹෙයි



අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ලබන 14 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා. 

එහි කුසලානය එළි දැක්වීම හා කණ්ඩායම් හඳුන්වාදීම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පසු ගියදා සිදු කෙරුණා. 
 
කොවිඩ් වසංගතයෙන් පසු පූර්ණ තරගාවලියක් මෙලෙස ආරම්භ වන්නේ පළමු වරටයි. 
 
තරගාවලිය කාණ්ඩ 3ක් යටතේ පැවැත්වෙන අතර පළමු තරගය මරදාන ශාන්ත ජෝශප් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර ලබන 14 වනදා මහනුවර බෝගම්බර පිටියේ දී පැවැත් වෙනවා. 
 
කාණ්ඩ 3ට පාසල් 12 බැගින් ඇතුළත්ව සිටින අතර ඒ කාණ්ඩයට ඇතුළත්ව සිටින්නේ ප්‍රමුඛ පාසල්ය.
(colombnotimes.lk)