එළඹෙන 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා 13 වන බදාදා සිට පාසල් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ ඉල්ලීමක් පරිදි මෙසේ නිවාඩු ලබාදීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම ඡන්ද මධ්‍යස්ථාන සඳහා යොදා ගන්නා පාසල් 12 වන දින පාසල් වේලාවෙන් පසුව අදාළ ග්‍රාම නිලධාරීන් වෙත භාරදීමට නියමිතව තිබෙනවා.
අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ නැවත නොවැම්බර් 18 වනදා පාසල් ආරම්භ වන බවයි.
(colombotimes.lk)