යාපනයේ පාසල් විවෘතයි, ඇයි දකුණට වෙනසක්?



ගුරු සංගම් පිහිටුවාගෙන සිටිනුයේ සමස්ත ගුරුවරුන්ගේ යහපතට නොව  ඔවුන්ගේ පෞද්ගලික අරමුණු මත බව එක්සත් සහයෝගිතා පෙරමුණේ නායක ලකී කරුණාතිලක පවසනවා.

Colombo Times 225 වැඩසටහනට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලකී කරුණාතිලක පැවසුවේ මෙම ගුරු සංගම්වල නායකයින් අවුරුදු 25කින් පමණ ගුරු වෘත්තියේ නියැලී නොමැති බවයි.

උතුරු පළාතේ සියලුම පාසල්වල ඉගැන්වීම් කටයුතු කරන අතර අනෙක් පාසල්වල කාර්යන් නොවන්නට මූලික වැරදිකරු ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාර්ලින් බව ඔහු චෝදනා කරනවා.

එමෙන්ම මෙම නායකයින් ගුරු වෘත්තියෙන් වැටුපක් ලබා ගන්නා අතර මෙම සංගම්වල නායකයන්ට දේශපාලන පක්ෂ මඟින් මුදල් ලබා දෙන බවට ඔහු ප්‍රකාශ කළා.

Colombo Times 225 සාකච්ඡාවට එක් වෙමින් ලකී කරුණාතිලක පැවසූ එම අදහස පහතින්,

https://youtu.be/SrkklQF3XpI?si=3EDeZs2LL-Nu6s4h

(colombotimes.lk)