ඇමරිකාවේ බිත්තර මිල මේ වසරේදී 40%කින් ඉහළයාමට ඉඩ ඇති බව එරට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ වසර 3ක කාලයක සිට එරට පැතිරෙන කුරුළු උණ වෛරසය පාලනය කිරීම සඳහා කුකුළන් මිලියන 166කට වඩා ප්‍රමාණයක් මරා දැමීමට සිදුවීම එයට හේතු වී ඇති බවයි.
එමෙන්ම පෙබරවාරි මාසයේදී ඇමරිකාවේ බිත්තර මිල ඉතිහාසයේ ඉහළම මිල වාර්තා කර ඇති බවත්, බිත්තර දුසිමක් ඩොලර් 4.95 දක්වා (රුපියල් 1,465ක්) ඉහළ ගිය බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කළා.
එමෙන්ම කුරුළු උණ සහ ඉහළ යන බිත්තර මිල පාලනය කිරීම සඳහා ට්‍රම්ප් පරිපාලනය නව සැළසුමක් ද නිවේදනය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)