colombotimes.lk
සිංහල | English

30 June 2024

සූර්ය බල විදුලි උත්පාදනය මෙගා වොට් 1000 ඉක්මවයි



මේ වසරේ ජුනි මාසය වන විට සූර්ය බලශක්තියෙන් මෙගාවොට් 1000ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට හැකි වූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසනවා.

ඒ වහල මත සහ භූමිය මත සවි කළ සූර්ය පැනල හරහා බවයි වාර්තා වන්නේ.  

ඒ අනුව වහල මත සවි කළ සූර්ය පැනල හරහා වාර්ෂිකව නව මෙගා වොට් 150ක් මෙරට ජාතික පද්ධතියට එක් කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
 
විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළේ ඉන් මෙගාවොට් 132ක විදුලිය ධාරිතාවක් මේ වසරේ පළමු මාස 5 තුළ දී පමණක් ජනනය කර ඇති බවයි.
(colombotimes.lk)