16 June 2026

logo

නොසැලෙන ඉන්දියාව දණගැස්වූ දකුණු අප්‍රිකානු වික්‍රමය



ලොව කිසිදු කණ්ඩායමකට මේ වන විට මෙල්ල කළ නොහැකිව සිටි ප්‍රබල ඉන්දීය කණ්ඩායමට අද (22) අන්ත පරාජයක් වැළඳ ගැනීමට සිදු වුණා.

ඒ අනුව ප්‍රබල පිතිකරණ සහ පන්දු යැවීමේ බලඇණියකින් සමන්විතව සිටි ඉන්දියාව දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 76ක පරාජයක් අත්කර ගත්තා.

​ලෝක කුසලානයේ සුපිරි 8දෙනාගේ තරග වටයේ පළමු කාණ්ඩය යටතේ පැවැති මෙම තරගයේ ​කාසියේ වාසිය දිනා ගත් දකුණු අප්‍රිකාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.

එහිදී ඉන්දීය පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් එල්ල කළ අප්‍රිකානු පිතිකරුවන් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගුවා.

ඒ අනුව Devid Miller පන්දු 35කින් ලකුණු 63ක්, Dewald Brevis පන්දු 29කින් ලකුණු 45ක් සහ Tristan Stubbs පන්දු 24කින් නොදැවී ලකුණු 44ක් රැස් කළා.

මේ සමඟින් ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුණා.

​පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ රැස් කර ගැනීමට හැකි වුණේ සියලුදෙනා දැවී ලකුණු 111ක් පමණයි. 

(colombotimes.lk)