20 February 2026

logo

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය



පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය සහතිකය සටහන් කර තිබෙනවා.

ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79වන ව්‍යවස්ථාව ප්‍රකාරවයි.

පනත් කෙටුම්පතට අදාළ දෙවනවර කියවීමේ විවාදය ඊයේ (17) පාර්ලිමේන්තුවේදී පැවැත්වීමෙන් අනතුරුව සංශෝධන රහිතව විශේෂ බහුතර ඡන්දයෙන් සම්මත වුණා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 01 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත ලෙස බලාත්මක වනවා.

 
(colombotimes.lk)